අධිකරණ ගැටළු විසඳන්න ටිවිටර් සාකච්ඡා

අධිකරණ පද්ධතියේ ගැටලු විසඳීම සඳහා සජීවී ටිවිටර් සාකච්ඡා පැවැත්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
අධිකරණ අමාත්‍යවරයා සහභාගී වන පළමු සජීවී ට්විටර් සාකච්ඡාව (14 ) පෙරවරු 9.30 සිට 10.30 දක්වා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුම (@ParliamentLK) ඔස්සේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
මහජන ගැටලු වලට පිළිතුරු සජීවීව ලබාදීම මෙහිදී සිදු කෙරේ.
මෙරට අධිකරණ පද්ධතිය තුළ සිදුවියයුතු ප්‍රතිසංස්කරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදාළ මහජන ගැටලු #LKaskMP ඔස්සේ මෙහිදී යොමු කළ හැකි වේ.
241 Views
Comments