ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දී සිටින සෑම අවස්ථාවකම ඇමරිකාව සහය වුණා - ජනපති රනිල්

ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දී සිටි සෑම අවස්ථාවකම ඇමරිකාව මෙරටට සහාය ලබාදුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට සිය ස්තූතිය පළ කරන බවයි.
පෙරේදා (29) දිනයේ පැවති කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.
226 Views
Comments