OCT
23
22 ට සහය දුන් හේතුව සජිත් කියයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා සහාය ලබා දුන්නේ එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා සාධනීය නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමකට සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පවසා තිබේ.
22 වන ව්‍යවස්ථා සංශෝධනය අවසානය නොවන බවත් ඔවුන්ට ප්‍රතිසංස්කරණ රැසක් තිබෙන අතර ඒවා ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
225 Views
Comments