පොහොට්ටුවේ තවත් පෙති ගැලවෙන ලකුණු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරණ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ ස්වාධීන වී නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම නව දේශපාලන බලවේගය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් කටයුතු කිරීමට සූදානම් බව ද වාර්තා වේ.
එසේ ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන ඇතුලු ප්‍රබලයන් රැසක් ම මේ වන විටත් එම පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයේ ස්වාධීනව අසුන්ගෙන සිටී.
286 Views
Comments