ඡන්දෙ කල් දැම්මට දැඩි ක්‍රියා මාර්ග ගන්නවා

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පලකොට ඇති අදහස ජනතාවගේ පරමාධිපත්‍ය බලයට බරපතළ අභියෝගයක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව පහත දැමීම දඩමීමා කරගනිමින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කල් තැබීම මෙහි යටි අරමුණ බවත් මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩි කිරීම ද වික්‍රමසිංහ මහතාගේම යෝජනාවකි. දැන් එම සංඛ්‍යාව අඩු කළ යුතු යැයි ඔහු පවසන්නේ පළාත් පාලන මැතිවරණය තුළ එක්සත් ජාතික පක්ෂයට හෝ වර්තමානයේ ඔහු නියෝජනය කරන පොදුජන පෙරමුණට පැහැදිලිවම අත්වන පරාජය වසා ගනිම සඳහා දරන කූට උපක්‍රමයක් මිස අනෙකක් නොවේ.
200 Views
Comments