OCT
11
යූරියා පොහොර ටෙන්ඩරයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

යූරියා පොහොර මිලදී ගැනීමේ ටෙන්ඩරයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
නමුත් ඒ සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් වී ඇති බැවින් අභියාචනා මණ්ඩලය විසින් තීරණයක් ගැනීමට යටත්ව ඊට අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව දැනුවත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
218 Views
Comments