විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය නිසා රට බංකොලොත්වෙලා

රට බංකොලොත් වෙලා තිබෙන්නේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය නිසා යැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ චෝදනාව කරන්නේ ජනතාව බවද විජේසිරි මහතා කීය.
පුළුවන් නම් ඒ චෝදනාවෙන් මිදෙන්නැයි කී අමාත්‍යවරයා රට බංකොලොත් කරන ඇමති විදියට රටේ ජනතාව විදුලිබල ඇමතිවරයා දකින බවද සඳහන් කළේය.
ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු පත්කර තිබෙන්නේ ආණ්ඩුවේ ගැලවීමට බවද එයින් සැබෑ ප්‍රතිව්‍යුහගත කිරීමක් නොවන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ඊට පිළිතුරු දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කීවෙි තමා බාර ගත්තේ බංකොලොත් වූ ක්ෂෙත්‍රයක් මිස තමා අමාත්‍යාංශය බාරගත්තට පසු විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය බංකොලොත් වුණා යැයි කීම වැරදි බවයි.
වත්මන් විශේෂඥ කමිටුවට වැඩිය හොඳ කමිටුවක් ගැන අදහසක් තිබෙනවා නම් ඒ ගැන දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා කීය.
211 Views
Comments