ලංකාවට ඩිස්නිලන්තයක් ගේනවා..- ඩයනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

ලංකාවට ඩිස්නිලන්තයක් ගේනවා..- ඩයනා

ලංකාවට ඩිස්නිලන්තයක් ගේනවා..- ඩයනා

 

දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සංචාරක රාජ්‍ය අැමතිනි ඩයනා ගමගේ ලබන මාසයේ අමෙරිකාවට යාමට නියමිතය.

 

වෝල්ට් ඩිස්නි සමාගමේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 18 ක ආයෝජනයක් සඳහා මූලික සැලසුම් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරිය ලබන මාසයේදී එක්සත් ජනපදයට යන බව ඇයගේ මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 

මත්තල ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයේ පවතින විශාල යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට මෙවැනි ආයෝජනයක් ප්‍රයෝජනවත් වනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය ගමගේ මහත්මිය පැවසීය.

views

191 Views

Comments

arrow-up