මහින්දානන්දට එරෙහි නඩුව විභාගයට

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ නඩුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස 08 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලකින් කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල කර තිබුණේ යහපාලන රජය සමයේ දී ය.
එම නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවන ලදී.
එම අවස්ථාවේ දී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද අධිකරණයේ පෙනී සිටි ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 08 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ.
244 Views
Comments