“ලපයා, උඹේ ෆයිල් ගල් නොකර ඔප්පු කරපන්” - විජිතමුණි සොයිසා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

“ලපයා, උඹේ ෆයිල් ගල් නොකර ඔප්පු කරපන්” - විජිතමුණි සොයිසා

“ලපයා, උඹේ ෆයිල් ගල් නොකර ඔප්පු කරපන්” - විජිතමුණි සොයිසා

දුප්පත් ජනතාවට බෙදීමට ගෙන ආ හරක් තමා ගත්තේ යැයි ලපයා චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.


ඒ පිළිබඳ ෆයිල් තිබේ නම් ඒවා ගල් ෆයිල් නොක කයිවරු නොගසා ඕනෑ ම උසාවියකට යන ලෙස අනුර දිසානායක අභියෝග කරන බවයි, ඔහු අවධාරණය කළේ.


උසාවිය ඉදිරියට ගොස් තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සූදානම් බව ද විජිතමුණි සොයිසා ප්‍රකාශ කළේය.



අනුර දිසානායක චන්ද්‍රිකා ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ලෙස කොළඹ සිට කටවුට් ගසා රජයේ විශාල මුදලක් කාබාසිනියා කොට මහා උත්සවයක් පවත්වා කිරිකෑන් 04ක් බෙදු බවට ද ඔහු චෝදනා කළේය.

ඌව මහ ඇමැතිවරයා ලෙස තමන් ද ඒ උත්සවයට සහභාගී වී කිරි වීදුරුවක් පානය කොට ගෙදර ගිය බව ද විජයමුණි සොයිසා කීය.

views

293 Views

Comments

arrow-up