වත්මන් ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ජනතා අනුමැතිය ඉහළට

වෙරිටේ රිසර්ච් සිදුකළ “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ඔක්තෝබර් මාසය සඳහා වන තොරතුරු ඊයේ (30) නිකුත් කර තිබුණි.
එයට අනුව වත්මන් ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ජනතා කැමැත්ත ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
දිවයින පුරා විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 1,018 දෙනෙකුගේ නියැදියක් තෝරා ගෙන මෙම ජනමත විමසුම සිදුකර තිබුණි.
ඒ අනුව වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය අනුමත කරන්නේ ද නැද්ද යන්න විමසූ විට ඊට 10% ක මට්ටමකට ජනතා අනුමැතිය ලැබී තිබුණි.
පසුගිය ජූනි මාසයේ දී වත්මන් ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ජනතා කැමැත්ත පැවතියේ 3% ක මට්ටමකය.
231 Views
Comments