මර්දනය මර්දනයෙන් නතර කළ යුතුයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
31

මර්දනය මර්දනයෙන් නතර කළ යුතුයි

මර්දනය මර්දනයෙන් නතර කළ යුතුයි

 

මර්දනය මර්දනයෙන් නතර කළ යුතු යැයිද  ඒ සඳහා  සූදානමින් සිටින බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (31) පැවසීය.

 

මේ රටේ අනාගතය වෙනුවෙන් හැඩ ගැසිය යුතු  වෙලාවක් බවත්  මිනිස්සුන්ට ගහලා, මරලා ආණ්ඩු පෙරලන්න දෙන්න බැරි බවද සාමකාමී විරෝධතා වලට ඇහුම්කන් දීමට රජය ඕනෑම විටෙක සූදානම් යැයිද අමාත්‍යවරයා  කීවේය.

 

ලබන දෙවැනිදා කොළඹ වැටලීමේ සූදානමක් පිළිබඳව මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.

 

කෝට්ටේ, බැද්දගාන තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසු ප්‍රසන්න රණතුංග මහතා මෙි බව පැවසීය.

 

පොහොට්ටුව ඉතාම ශක්තිමත් දේශපාලන පක්ෂයක් වන අතර හෙට මැතිවරණයක් තිව්වත්  ශක්තිමත්ව නැගිටින්න හැකියාව තිබෙන බව රණතුංග මහතා කීය.

views

214 Views

Comments

arrow-up