මැති ඇමැති 92ක් නිල නිවාසවලට පොලු තියලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

මැති ඇමැති 92ක් නිල නිවාසවලට පොලු තියලා

මැති ඇමැති 92ක් නිල නිවාසවලට පොලු තියලා

 

මැති ඇමැතිවරුන් අනූ දෙදෙනෙකු සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

 

ඉන් රුපියල් ලක්ෂ පනස් දෙකකට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මැති ඇමැතිවරුන් හැත්තෑ දෙදෙනකුගේ අය නොවී පවතින ශේෂය බවද එම වාර්තාවේ දැක්වේ.

 

මේ අතර සමුළු නිවාස සහ කැප්පිටිපොල නිවාස ලබාගත් 97 දෙනකුගෙන් රුපියල් පනස් ලක්ෂයකට ආසන්න මුදලක් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වෙනි දිනට අය විය යුතුව තිබූ බව විගණන අංශ පවසයි.

 

ඉන් ජයවඩනගම නිවාසවල පදිංචිව සිටි විසිහතර දෙනකුගෙන් 2021 වර්ෂයේ දී අය විය යුතුව තිබූ මුදල රුපියල් කෝටියකට ආසන්නය. එසේම 2012 වර්ෂයට පෙර සිට 2020 වර්ෂය දක්වා විසි එක් දෙනෙකුගේ ණය නොවී පවතින ශේෂය රුපියල් අසූ අට ලක්ෂයක් බව විගණන කාර්යාලය පවසයි.

 

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ 2021 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගනණ වාර්තාවේය.

views

186 Views

Comments

arrow-up