වගා කළ හැකි සියලු ඉඩම් වගා කළ යුතුයි - ජනපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දී සිටින ඉඩම් ගැටළු පිළිබඳව සාකච්ඡාවකට එක් විය.
එහි දී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්ත වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බවයි.
පාරම්පරික ගොවීන් විසින් වගා කර යුද්ධය හේතුවෙන් අතහැර ගොස් ඇති පසුව වනජීවි හා වනරක්ෂිත ලෙස මායිම් ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවත ලබාදීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.
එසේ ම ගොවි ජනතාවගේ ගැටළු කඩිනමින් නිරාකරණය කරමින් ඉදිරි යල මහ කන්න සාර්ථක කරගනිමින් 2023 දී ඇතිවිය හැකි ආහාර අර්බුදයට සූදානම් වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
208 Views
Comments