සපුගස්කන්ද පිරිපහදුව මාලිගාවත්ත රේල් ගේට්ටුව වගේ වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

සපුගස්කන්ද පිරිපහදුව මාලිගාවත්ත රේල් ගේට්ටුව වගේ වෙයි

සපුගස්කන්ද පිරිපහදුව මාලිගාවත්ත රේල් ගේට්ටුව වගේ වෙයි

 

අද සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව මාලිගාකන්ද රේල් ගේට්ටුව වගේ වහනවා අරිනවා අවසානයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

 

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය.

 

මාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ 2022 මාර්තු 3 වැනිදා. ඒ වන විටත් මේ රටේ තෙල් අර්බුදයක් තිබුණෙ නෑ. වරින් වර තෙල් අර්බුදයක් එන බවට දේශපාලකයන් සහ වෘත්තිය සමිති නායකයන් කිව්වම මිනිස්සු පෝලිම් ගැහිලා තෙල් ගහගන්නවා , පැය දෙක තුනක දී ඒ පෝලිම ඉවරයි. කවදාවත් මම අමාත්‍යධූරය දරණ කාලේ, තෙල් අවසන් වෙලා ශෙඩ් වහලා දැම්මේ නැහැ. තෙල් නැතිව දවස් ගණන් ජනතාව පෝලිමේ හිටියේ නැහැ. ඇත්තටම මේ ප්‍රශ්නය ඇති වුණේ මම නැති කාලේ. ප්‍රශ්නයක් හදාගෙන ඊට පස්සේ ඒකට තාවකාලික විසඳුමක් හොයාගෙන තියෙනවා. දැනටමත් ත්‍රිරෝද රථ හිමියන්, බස් රථ හිමියන් , තදින්ම ප්‍රකාශ කරලා තියෙනවා තමන්ට ලැබිලා තියෙන සලාකය ප්‍රමාණවත් නැහැ කියලා. ඒ කතාව සාධාරණයි. මගේ කාලේ මෙහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ ප්‍රශ්නෙ ඇති වුණේ මාව අයින් කළාට පස්සෙ , ගාමිණි ලොකුගේ ඇමතිතුමාගෙ කාලෙ. ඒ ප්‍රශ්නෙ එක්ක මාස තුනහමාරක් ගතවුනා.

views

246 Views

Comments

arrow-up