රනිල් දැන් යහමගට හැරිලා - මහින්ද රාජපක්ෂ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට දේශපාලනිකව යහමගට හැරී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඊයේ (08) කළුතර දී පැවැති “එක්ව නැගිටිමු - කළුතරින් පටන් ගමු” ජන රැලිය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මෙම රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,
“රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙළ. එදා නම් අපි රනිල්ට බැන්නා. රනිල් යූඑන්පී කාරයා කියලා. දැන් රනිල් ඉන්නේ අපිත් එක්ක. අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහමගට හැරිලා කියලා විශ්වාස කරනවා. ඒ නිසා අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යන්න උදව් කරනවා”.
259 Views
Comments