පොහොට්ටුව ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණ දීමට සූදානම් - මහින්ද රාජපක්ෂ

ප්‍රශ්න වලට මුහුණ දෙමින් එම ප්‍රශ්න වලට බිය නොවී රටේ අභියෝග භාර ගැනීමට සුදුසුම පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ වන්නේ රට ගොඩ ගැනීම මිස රට ආපස්සට ඇදීම නොවන බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතක මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණමඩුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
232 Views
Comments