22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත විය.
පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 179ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ 01 ඡන්දයක් පමණි.
පනත් කෙටුම්පතට විපක්ෂව ඡන්දය ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණි.
පසුව පැවති කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ තිබූ පෙත්සම්වලට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පනත් කෙටුම්පත සංශෝධනය කරන ලදී.
අනතුරුව පැවති තෙවන වර ඡන්ද විමසීමේ දී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 174ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් හිමි වී තිබුණේ නැත.
එක් මන්ත්‍රීවරයෙකු පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.
231 Views
Comments