මැතිවරණ ඉල්ලන්නෙ රට අස්ථාවර කරන්න..! – වජිර
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

මැතිවරණ ඉල්ලන්නෙ රට අස්ථාවර කරන්න..! – වජිර

මැතිවරණ ඉල්ලන්නෙ රට අස්ථාවර කරන්න..! – වජිර

 

ඉදිරි මාස කිහිපය තුළ මැතිවරණ කිසිවක් නොපැවැත්වෙන අතර ජාතිය ස්ථාවර කිරීමේ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමෙන් අනතුරුව මැතිවරණ මාලාවක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

 

පවතින තත්ත්වය අනුව මැතිවරණ පැවැත්විය නොහැකි බවත් මැතිවරණ ඉල්ලා සිටින්නේ රට අස්ථාවර කිරීමට බලාපොරොත්තු වන අය බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

 

මේ අතර පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීම අත්‍යවශ්‍ය බවත් මනාප ජන්ද ක්‍රමයද අහෝසි කළ යුතුව ඇති අතර සංවේදී පුද්ගලයන් එයට විරුද්ධ නොවනු ඇති බවත් හෙතෙම පවසනවා.

views

241 Views

Comments

arrow-up