අයවැය ගැන පොහොට්ටුවේ තීරණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
20

අයවැය ගැන පොහොට්ටුවේ තීරණය

අයවැය ගැන පොහොට්ටුවේ තීරණය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව අයවැයට සහය පළ කිරීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

අමාත්‍යවරයා සදහන් කළේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට අවශ්‍ය උපරිම සහය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බවයි.

 

තවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බව ද අමාත්‍යවරයා පවසයි.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහයෝගයෙන් පත්කරගත් ජනාධිපතිවරයා සමඟ එකඟතාවයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණි.

 

 

views

220 Views

Comments

arrow-up