NOV
14
පොහොට්ටුවෙන් ගැලවුණු මන්ත්‍රීවරුන් සජිත් සමඟ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනවූ කණ්ඩායමක් අද (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමග සන්ධානගත විය.
ඒ අනුව,අනුර ප්‍රියදර්ශන යාපා,චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රී කණ්ඩායම එලෙස සමගි ජන බලවේගය සමඟ එක් වූ බවයි වාර්තා වන්නේ.
මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙදරායාම වඩාත් තිව්‍ර කරනු ඇති බවටයි විශ්ලේෂකයන් පවසන්නේ.
192 Views
Comments