මැතිවරණ තියන්න කිසිම බාධාවක් නෑ..! – මහින්ද දේශප්‍රිය

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නීර්ණය බාධාවක් නොවන බව සීමා නීර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ඒ, රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වමින්.
ප්‍රශ්නය –
“හිතෙන්නේ නැද්ද අල්ප මාත්‍රයකින්වත් ඡන්දය කල් දැමීමට මේක හේතු වෙනවා කියලා?”
මහින්ද දේශප්‍රිය –
“ඇයි එහෙම හේතුවෙන්නේ, මේ ඡන්ද ක්‍රමය වෙනස් කරලා සීමා නීර්ණයක් කරනවා නම් ඒක කල් යන්න පුළුවන්. දැන් කොහොම ද කල්යන්නේ. දැන් කොට්ඨාස තියෙනවා. ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තු පනතක තියෙනවා. අපිට කියලා තියෙනවා කොට්ඨාස වෙනස් කරන්න කියලා. අපි ඒක කරගෙන යනවා. මොකද මැතිවරණ කොමිෂන් සභාවට අපි ලියුමක් ලියලා තියෙනවා ද අපි සීමා නීර්ණය කරනවා ඔයගොල්ලෝ ඡන්දෙ තියන්න එපා කියලා. ඒක මාර වැඩක් නේ.”
215 Views
Comments