රුපියල බාල්දු වෙලා - අගමැති
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

රුපියල බාල්දු වෙලා - අගමැති

රුපියල බාල්දු වෙලා - අගමැති

 

රුපියල බාල්දු වී ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සියලු දෙනා පිළිගත යුතු බවත් කුමන තනතුරක් දැරුවත් ජනතාවට යථාර්ථය පැවසිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතියේ 77 වන සංවත්සර මහා සභාව කොළඹ දී අමතමිණි.


කම්කරු සමිතියේ සභාපතිවරයා වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ප්‍රධාන ලේකම් අජිත් ධම්මික මහතා නැවතත් එම තනතුරු සඳහා තෝරා පත්කර ගැනීමද මෙහිදී සිදුවිය.

 

රුපියල බාල්දු වූ අවස්ථාවක ඇතිවන ආර්ථික පසුබැස්මේ අවාසිය ජනතාවට සෘජුව දැරීමට සිදුව තිබේ.මේ නිසාම යම් යම් යෝජනා නැවත සලකා බලා වෙනසකට භාජනය කළ යුතු කාලය දැන් එළැඹ තිබේ.

 

නමුත් ඉදිරියේදී රුපියල කෙතරම් බාල්දු වේදැයි සැකයක් ඇති කරගත යුතු නොවන අතර වත්මන් රජය හැකි උපරිම සවිය ආර්ථිකයට යොදා ඇතැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

 

රටේ දුෂ්කර ම කාල පරිච්ඡේදය ඉදිරි මාස කිහිපය ඇතුළත ලිහිල් කර ගැනීමට හැකි වෙතැයි මෙහිදී සිය විශ්වාසය පළකළ අග්‍රාමාත්‍යවරයා රට හමුවේ ඇති ජාත්‍යන්තර ණය ගැටළුවෙන් ගොඩ ඒමට මුළු රටම එකාවන්ව විශාල උත්සාහයක යෙදිය යුතු බව අවධාරණය කළේය.

 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතීඥ තිස්ස යාපා, භාණ්ඩාගාරික සේන සිරිමාන්න, වෘත්තීය සමිති ලේකම් අජිත් බණ්ඩාර යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වුහ.
 

views

211 Views

Comments

arrow-up