අකිල අලුත් අරගලයක් ගැන ඉඟි කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

අකිල අලුත් අරගලයක් ගැන ඉඟි කරයි

අකිල අලුත් අරගලයක් ගැන ඉඟි කරයි

 

දැන් ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව කළ යුතු අරගලය වන්නේ මිනිසුන් ජීවත් කිරීමට උත්සාහ කිරීමේ අරගලය බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 

එසේ නැතිව රටේ ජනතාව මෙන්ම රටේ ඉදිරි ගමන අමාරුවේ දමන අරගලයක් නම් නැවත කර රටට ප්‍රයෝජනයක් නැතැයි කාරියවසම් මහතා කීය.

 

මේ රටේ ජනතාව බුද්ධිමත්ව තීරණාත්මකව සිතා බලා කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 

ජනතාවට පාරට බැස අරගල කළේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදු කිරීම්, බඩු මිල ඉහළ යාම වැනි කාරණා හේතු නිසා බව කී කාරියවසම් මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඒ සියලු දේ යථා තත්ත්වයට පත් කරමින් සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන බවද පැවසීය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

views

219 Views

Comments

arrow-up