OCT
27
ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විරෝධතා පා ගමනින් හයිඩ් පිටියට

ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ඊයේ (27) කොළඹ දී ජන රැළියක් සංවිධානය කර තිබුණි.
මෙම විරෝධතා පා ගමන විහාර මහා දේවී උද්‍යානය අසලින් ආරම්භ වී කොළඹ හයිඩ් පිටිය දක්වා පැමිණ තිබුණි.
එහි දී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී.ලාල්කාන්ත මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවන සටනකට ජනතාව පෙළ ගැස්වීමට ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය කටයුතු කරන බවයි.
ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් ගෙන් සමන්විතවේ.
246 Views
Comments