ජාතික ජන බලවේගය සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයා අතර හමුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

ජාතික ජන බලවේගය සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයා අතර හමුවක්

ජාතික ජන බලවේගය සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයා අතර හමුවක්

ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා හා නවසීලන්තයේ හිටපු වැඩබලන මහ බැංකු අධිපතිවරයා අතර හමුවක් පවත්වා තිබේ.

 

මෙම හමුව ඊයේ (01) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව තිබේ.

 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ සුනිල් හදුන්හෙට්ටි මහතා සහභාගි වී තිබේ.

 

මෙම හමුවේ දී පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ කටයුතු සහ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

 

එසේ ම ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ වංචා දූෂණ වලින් තොර වීම, බදු ප්‍රතිපත්ති සහ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

 

views

253 Views

Comments

arrow-up