රිෂාඩ් බදියුදීන් තවත් නඩුවකින් නිදහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

රිෂාඩ් බදියුදීන් තවත් නඩුවකින් නිදහස්

රිෂාඩ් බදියුදීන් තවත් නඩුවකින් නිදහස්

මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් 2015 ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගනිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු ඇතුළු පිරිස නිදහස් කොට නිදහස් කර තිබේ.

 

එම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව රිෂාඩ් බදියුදීන් මහතාව මුදාහරින බවයි.

 

එසේ ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් ද නීතිපති උපදෙස් අනුව රිෂාඩ් බදියුදීන් මහතාව නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කර තිබේ.

 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ අප්‍රේල් මස 21 වනදා වන අතර මාස 07ක පමණ කාලයකට පසුව ඔහුට ඇප තනියම වී ඇත.

 

views

234 Views

Comments

arrow-up