මහනුවර දී පැවති උත්තර සභාගයේ දේශපාලන රැස්වීමට පිරිසකගෙන් විරෝධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

මහනුවර දී පැවති උත්තර සභාගයේ දේශපාලන රැස්වීමට පිරිසකගෙන් විරෝධය

මහනුවර දී පැවති උත්තර සභාගයේ දේශපාලන රැස්වීමට පිරිසකගෙන් විරෝධය

උත්තර සභාගයේ දේශපාලන රැස්වීමක් ඊයේ (13) මහනුවර පුෂ්පදාන ශාලාවේ දී පැවැත්වුණි.

 

කෙසේ නමුත් එම රැස්වීම අවසන් වීමෙන් පසුව ඊට එරෙහිව පිරිසක් විරෝධය පළ කර තිබුණි.

 

රැස්වීම අවසන් වී විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් ශාලාවෙන් පිටතට යන අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි තරුණයින් කණ්ඩායමක් ඔවුන්ට හූ කියමින් බැණ වැදී ඇති අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබුණි.

 

කෙසේ නමුත් විරෝධතා මධ්‍යයේ විමල් වීරවංශ මහතා ආරක්ෂකයන් සමඟ උත්සව ශාලාවෙන් පිටව ගොස් තිබුණි.

 

නමුත් වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු පිරිසක් ශාලාව තුළින් එළියට පැමිණීමට නොහැකිව ශාලාව තුල ම සිටි බව වාර්තා වේ.

 

පසුව ඔවුන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වාහන වල නැඟ එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණේ හූ හඬ මධ්‍යයේය.

 

views

199 Views

Comments

arrow-up