NOV
25
ආර්. සම්බන්ධන් සියලු දෙමළ පක්ෂ හදිසියේම කොළඹට කැඳවයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් උතුර නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ අද (25) කොළඹට කැඳවා ඇති බව වාර්තා වනවා.
ඒ බලය බෙදීම සම්බන්ධයෙන් පොදු මතයකට පැමිණීම සඳහා සාකච්ඡා කිරීම සඳහායි.
දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ අද (25) පස්වරුවේ මෙම සාකච්ඡාව ආර්. සම්බන්ධන්ගේ නිවසේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සාකච්ඡාව සඳහා සියලු දෙමළ පක්ෂවලට ආරාධනා කර තිබෙනවා.
189 Views
Comments