"කලු සල්ලි ජාවාරමේ යෙදෙන්නන් ගැන ආණ්ඩුව හෙළි කළ යුතුයි" - විජිත හේරත්

රටෙි ජනතාව කන්න නැතිව සිටින විට ඇතැමුන් කෝටි ප්‍රකෝටි ගණනින් කලු සල්ලි ජාවාරමේ යෙදෙන්නේ යැයි ද දේශපාලනඥයකුගේ නමක්ද ගෑවී ඇති මෙම ජාවාරම ගැන ඇත්ත කරුණු ආණ්ඩුව වහා රටට ඉදිරිපත් කළ යුතුව ඇතැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රටෙි ආර්ථිකය කඩා වැටුණේ ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසයි.දැන් හාල් මිල තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලය නොවේ.
ඩඩ්ලි සිරිසේන විසිනුයි.මේ ආණ්ඩුව විසින් හාල් ගැසට් අටක් රිවස් කර තිබෙනවා.ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති සමඟ අද රටම රිවස් වෙමින් තිබෙනවා.බරපතළ ආහාර හිඟයට පෙර නිමිති පහළ වෙමින් තිබෙනවා.වචන හරඹ වලින් ආර්ථිකය ශක්තිමත් යයි කියන්න හැදුවත් ඇත්ත කතාව ආර්ථිකය කඩාවැටිලා" යනුවෙන් ද විජිත හේරත් මහතා පැවසීය.
974 Views
Comments