“අකමැත්තෙන් වුවත් සහල් පිට රටින් ගේනවා” - ඇමති එස්.එම් චන්ද්‍රසේන
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

“අකමැත්තෙන් වුවත් සහල් පිට රටින් ගේනවා” - ඇමති එස්.එම් චන්ද්‍රසේන

“අකමැත්තෙන් වුවත් සහල් පිට රටින් ගේනවා” - ඇමති එස්.එම් චන්ද්‍රසේන

රට මුහුණදී ඇති අර්බුදවලින් ගොඩගැනීමට ඉදිරි අයවැයෙන් සියලු‍ සැලසුම් සකස් කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා කොළඹදී අද(28) පවසා සිටියේය.

 

රටේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය ඇතුළු සියලු‍ ක්ෂේත්‍රයන් නගාසිටුවීමට නව වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

“පිටරටින් නැවත සහල් ගෙන්නන්න අපි කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත්තා. ඒක කැබිනට් මණ්ඩලය කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා විදියට පත්වුණාට පස්සේ සහල් පිටරටින් ගේන්න අවශ්‍යතාවය තිබුණත් සහල් ගේන එක නැවැත්තුවා.

අපි බැලු‍වේ ගොවියාට සහ ව්‍යාපාරිකයාට සාධාරණයක් වෙන ආකාරයට මේ කටයුතු නිමාවෙයි කියලා.

ජනාධිපතිතුමා සත්භාවයෙන් මේ රටේ ගොවියා ශක්තිමත් කරන්න තමයි සහල් ගෙන්වීම නතරකළේ.

අපි ආණ්ඩුව ගන්න විට වී කිලෝ එක්ක සහතික මිල රුපියල් 32 යි. අපි මේක 55 ක් බවට පත්කළා.

ගොවියා, මොල් හිමියෝ සහ ව්‍යාපාරිකයෝ අතර සමතුලිත තත්වයක් ඇති කරන්න උත්සහ කළාට එය බැරි වුණා.

එම නිසා රජයට සිද්ධවෙලා තියෙනවා හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්නන්න. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා.

කොච්චර පිටරටින් ගෙනාවත්, හාල් මිල බැස්සත්, රජය සහතික මිලට අනුව වී රුපියල් 55ට ගන්නවා කියලා අපි කියනවා.”

views

732 Views

Comments

arrow-up