බතික් ඇමති පාර්ලිමේන්තුවෙන් අස් වෙයි ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

බතික් ඇමති පාර්ලිමේන්තුවෙන් අස් වෙයි ?

බතික් ඇමති පාර්ලිමේන්තුවෙන් අස් වෙයි ?

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තමන් සිය ධූරයෙන් සමුගැණීමට සූදානම් බව දැනුම් දී සිටිනවා.

 

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව කුරුණෑගල සමූපාකාර ග්‍රාමීය බැංකු පරිශ්‍රයේදී සිදුකළ ලේ දන් දීමේ වැඩසටහනට අද (28) දින සහභාගී වෙමින්.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසට සංධානයක් ගොඩනගා ඉදිරියට පැමිණෙන්නේ නම් වයඹ පළාතේ මහ ඇමතිවරයා ලෙසට ඉදිරිපත් වීමට තමන් සූදානම් බවයි මෙහිදී ඔහු පවසා සිටියේ.

 

 

පක්ෂය තමාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමක් කළහොත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී පළාත් සභාවට තරඟ කිරීමට තමා සූදානමෙන් සිටින බවයි ඔහු පවසන්නේ.

views

871 Views

Comments

arrow-up