ගම්පහට ප්‍රදේශයට හැමූ තද සුළඟකින් නිවාස රැසකට හානි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හරහා අද(28) උදෑසන හමාගිය දැඩි සුළඟකින් නිවාස සහ දේපල හානි සිදුව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීගමුව, දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රදේශයන් වලින් හානි වාර්තාවී ඇති බවත් දැනට ලැබී ඇති තොරතුරු අනුව මීගමුව ප්‍රදේශයේ නිවාස 40ක් සහ ගම්පහ අවට ඉදිගොල්ල සහ කෙසෙල්වතුගොඩ ප්‍රදේශවල නිවාස 15ක් පමණ ගස් කඩා වැටීම හේතුවෙන් අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවත් අනෙක් ප්‍රදේශයන්හි තොරතුරු ලැබෙමින් පවතින බවත් ආපදා කළමනාකරණ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිට තිබෙන අතර එය යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගනිමින් සිටී.
766 Views
Comments