යුරෝපා සංගමය සහ අධිකරණ ඇමති අතර විශේෂ සාකච්ඡාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

යුරෝපා සංගමය සහ අධිකරණ ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

යුරෝපා සංගමය සහ අධිකරණ ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

 

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර රටේ වර්තමාන තත්වය සහ රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව යුරෝපා සංගම නිලධාරීන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

 

GSP+ බදු සහන ලබා ගැනීම සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවේදී  අදහස් හුවමාරු වී ඇති අතර එහිදී අධිකරණ අමාත්‍යවරයා නීති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ද යුරෝපා සංගමය දැනුවත් කර තිබෙනවා.

 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව එම නිලධාරීන් තවත් මුස්ලිම් පක්ෂ වල නායකයින් සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවද සඳහන්.

views

873 Views

Comments

arrow-up