SEP
28
භාණ්ඩාගාර නිලධාරිනියට අඩන්තේට්ටම් කළ මන්ත්‍රී අත්අඩංගුවට

කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාර නිලධාරිනියට සාපරාධී බිය ගැන්වීමක් සිදුකර අඩන්තේට්ටම් කළ බව කියන කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් රම්සි කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද(28) පොලීසියට පැමිණී නාගරික මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව චෝදනාව කියාදී අත්අඩංගුවටගත් බව කුරුදුවත්ත පොලීසිය කියයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
1091 Views
Comments