දෙමහල් නිවසේ ගින්නෙන් තුවාල ලැබූ සිඟිත්තියත් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

දෙමහල් නිවසේ ගින්නෙන් තුවාල ලැබූ සිඟිත්තියත් මරුට

දෙමහල් නිවසේ ගින්නෙන් තුවාල ලැබූ සිඟිත්තියත් මරුට

පසුගිය 25 වනදා රාත්‍රියේ හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහළ මාලයේ කාමරයක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සය හැවිරිදි දියණිය පෙරේදා(03) මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ හෝමාගම මාගම්මන පදිංචිව සිටි රිතුෂි රණසිංහ නමැති සය හැවිරිදි දියණියක් බව පොලිසිය පවසයි.

 

සිද්ධිය සිදුවන අවස්ථාවේදී මියගිය සය හැවිරිදි දියණියගේ මව පියා වැඩිමහල් සොහොයුරිය කාමරය තුළ සිට ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

 

ඒ අනුව මෙම ගින්නෙන් සය හැවිරිදි දියණියගේ පියා එදිනම මියගිය අතර මව පසුදින මියගිය බවත් වැඩිමහල් සොහොයුරිය සිද්ධියෙන් දින තුනකට පසුව මියගොස් තිබුණි.

 

තුවාල ලැබූ සය හැවිරිදි දියණිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.

views

276 Views

Comments

arrow-up