ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත් විවාහක කාන්තාව දෙවරක් දුම්රිය මඟට වැඳ දුම්රියට ගෙල තබලා (VIDEO)

ගම්පොළ, කහටපිටිය දුම්රිය මාර්ගයේ සිටින කාන්තාවක් කිසියම් අයෙකුට ජංගම දුරකතනයෙන් කතා කරීමෙන් පසු දුම්රිය මාර්ගයට දෙවරක් වැඳ නාවලපිටියේ සිට මහනුවර දක්වා ගමන් ගන්නා දුම්රියට ගෙළ තබන සිද්ධියක් ඒ අසල නිවසක කැමරාවක පටිගත වී තිබේ.
මෙම සිද්ධියෙන් ඇයගේ ජීවිතයට හානියක් නොවුණද බරපතළ තුවාල ලබා ඇති ඈ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ගම්පොල පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලබා තිබෙන්නේ ගම්පොළ, ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි එම්. ජී. ජී. ශිරෝමි නමැති 34 හැවිරිදි විවාහක කාන්තාවකි.
ඇය මාතලේ ප්‍රදේශයෙන් විවාහ වී සිටියද පසුගිය දිනවල ඇය ඇගේ සහෝදරයෙකුගේ නිවසට පැමිණ සිට ඇත.
සහෝදරයාගේ අවුරුදු 17ක් වූ දියණිය මහනුවර උපකාරක පන්තියකට යැවීම සඳහා ගම්පොළ දුම්රිය ස්ථානයට කැඳවාගෙන විත්, නාවලපිටිය මහනුවර දුම්රිය එනතුරු එම දියණිය දුම්රිය ස්ථානයේ නවතා ඇය එම දුම්රිය පැමිණීමට පෙර ඉදිරියට යමින් කහටපිටිය ප්‍රදේශයට පැමිණ ඇත.
එසේ පැමිණ ඇති ඇය දුම්රියට මෙසේ ගෙල තබා තිබේ.
සිද්ධිය දුම්රියේ රියදුරු හෝ කිසිවකු නොදක ඇති අතර දුම්රියේ වදින ඇය ඈතට විසි වී විනාඩි විස්සකට පමණ පසු ඇය යළි මාර්ගයට පෙරළී පැමිණෙන අයුරු කැමරාවේ සටහන්ව තිබේ.
පසුව මාර්ගයේ යන පිරිස් ඇය දැකීමෙන් අනතුරුව ගම්පොළ පොලිසියට දුරකථන ඇමතුමක් දෙන අතර පසුව ගිලන් රථයකින් ගම්පොළ රෝහලට රැගෙන යන අයුරුද එහි සටහන්ව තිබේ.
දුම්රියේ වැදී පැය එකහමාරකට පසු ඇය මෙසේ රෝහලට රැගෙන ගියද, බරපතළ තත්ත්වයක සිටි ඇය මෙසේ මහනුවර මහ රෝහලට පිටත්කර යවා ඇත.
ගම්පොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
536 Views
Comments