“වහාම රාජ්‍ය පාලනය මට භාරදෙනු... ජනතා ප්‍රශ්න සඳහා විසඳුම් මා සතුයි” - සජිත්

රටත් ජනතාවත් තව දුරටත් අපහසුතාවට පත් නොකර රටේ පාලන වගකීම තමන්ට බාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටී.
“රට බේරාගැනීමේ සතිය” ලෙස නම් කර ඇති විරෝධතා සතියක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තමා සතුව ඇති බව පැවසූ ඔහු සමගි ජන බලවේගය ප්‍රමුඛ තාවකාලික සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සූදානම් බවත් සඳහන් කළේය.
එහිදී ජනතාවගේ මූලික අවශ්‍යතා ලබා දීමෙන් පසුව කෙටි කාලයක් තුළ නව ජනවරමකට ගොස් අඛණ්ඩව වසර 05ක රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරන බවත් හෙතෙම කියා සිටියේය.
256 Views
Comments