ඉටිතැම්පල ප්‍රාථමිකයේ ඛේදනීය ඉරණම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
14

ඉටිතැම්පල ප්‍රාථමිකයේ ඛේදනීය ඉරණම

ඉටිතැම්පල ප්‍රාථමිකයේ ඛේදනීය ඉරණම

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉටිතැම්පිල ප්‍රාථමික විද්‍යාලයට ඛේදජනක ඉරණමක් අත්වී තිබෙනවා.

 

මීට වසර 5ක පමණ සිට මෙම පාසල වල් බිහිවෙමින් පවතින්නේ පාසල වසා දැමීම හේතු කරගෙනයි.

 

දශක 5ක පමණ කාලයක් ගම්වාසී දරුවන්ගේ අධ්‍යාපනයට මග පෑදූ මෙම පාසල මේ වන විට වසා දමා ඇති බැවින් ගම් දරුවන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබෙනවා.

 

මේ හේතුවෙන් ඔවුන්ට කිලෝමීටර් 8ක පමණ දුරින් පිහිටි වෙනත් පාසලක් වෙත පයින්ම යාමටද සිදුව තිබෙනවා.

 

ගම්වාසීන් ප්‍රකාශ කර සිටින්නෙ පාසල් ගොඩනැගිල්ල වෙන යම් කටයුත්තක් සඳහා හෝ ගත හැකි නම් එය වඩාත් ඵලදායී වනු ඇති බවයි.

 

 

views

704 Views

Comments

arrow-up