වී ගොවි ණය කපා හැරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
07

වී ගොවි ණය කපා හැරේ

වී ගොවි ණය කපා හැරේ

හෙක්ටයාර 02කට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහා ක්‍රියාත්මක වන පරිදි කපා දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.


ස්වර්ණභූමි මහවැලි ආදී ඔප්පු මගින් ජනතාවට පවරා තිබෙන රජයේ ඉඩම් අයිතිය සින්නක්කරවම ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 

නගරාසන්න තට්ටු නිවාස ගණනාවක කුලී පදනම මත ජීවත්වෙන පවුල් සඳහා සහනදායී පදනමක් යටතේ නිවාස වල අයිතිය පදිංචිකරුවන්ට ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

 

චීනය ඉදිකරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කරන බවත් තමා කලින් අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවෙන් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1888 ක් ඔවුන් ත්‍යාගයක් ලෙස පිරිනමා තිබෙන අතර මේ නිවාස අතුරින් නිවාස එකසිය අටක් කලාකරුවන්ට වෙන් කර තිබෙන අතර මේ සියලු‍ නිවාස කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සන්ට නොමිලේ ලබාදීමට තමා බලාපොරොත්තු වන බවත් කීවේය.

views

661 Views

Comments

arrow-up