VAT 12% දක්වා වැඩි කිරීමට යෝජනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

VAT 12% දක්වා වැඩි කිරීමට යෝජනා

VAT 12% දක්වා වැඩි කිරීමට යෝජනා

කඩිනමින් සහ ආසන්න කාලීනව හඳුන්වාදීමට යෝජිත බදු සංශෝධන පිලිබඳව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය අද නිවේදනය කළා.

 

ඒ අනුව එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 8% සිට 12% දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.

 

විදුලි සන්දේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ.

 

එම බදු සංශෝධන වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජිත බදු සංශෝධන ලෙස දක්වා තිබීමද විශේෂත්වයක්.

 

වැට් බදු සංශෝධනය පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත් කර ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

 

මීට අමතරව ඔක්තෝම්බර් 1 වනදා සිට සහ ලබන වසරේ අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග කිහිපයක්ද ප්‍රකාශයට පත් කෙරුණා.

views

923 Views

Comments

arrow-up