සමන්තා පවර්ගෙන් අගමැතිට ඇමතුමක්

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ දුරකථන සංවාදයක යෙදී තිබෙනවා.
එහි දී ඇය අගමැතිට සහතික වී ඇත්තේ, අසාමාන්‍ය ලෙස දුෂ්කර කාල පරිච්ඡේදය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව යි.
එහි දී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, G7 සංවිධානය වැනි අනෙකුත් ආධාරකරුවන් සමඟ සමීප ව කටයුතු කරන බවත් ඇය පැවසූ බව සඳහන්.
525 Views
Comments