"යහපත් ප්‍රතිපත්තිමය තීරණ වලට පක්ෂ භේදයකින් තොරව සහය දෙන්න" - මහ බැංකු අධිපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

"යහපත් ප්‍රතිපත්තිමය තීරණ වලට පක්ෂ භේදයකින් තොරව සහය දෙන්න" - මහ බැංකු අධිපති

"යහපත් ප්‍රතිපත්තිමය තීරණ වලට පක්ෂ භේදයකින් තොරව සහය දෙන්න" - මහ බැංකු අධිපති

යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්නැයි දේශපාලන අධිකාරියෙන් මහ බැංකු අධිපති ඉල්ලා සිටිනවා.

 

ඒ රටේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගි වූ අවස්ථාවේයි.

 

මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් අවස්ථාවේ ඊට එල්ල වූ විරෝධය හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබුණු බවත්, අද වන විට නැවතත් ඉන්ධන මිල සූත්‍රයක වැදගත්කම මතුව තිබෙන බව පෙන්වා දෙමින් මහ බැංකු අධිපතිවරයා දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටියා.

 

තවද වත්මන් ආර්ථික තත්ත්වය පැහැදිලි කරමින් කියා සිටියේ, ලෝක බැංකු ආධාර මත ඇ.ඩො මිලියන 600ක මුදලක් ඉදිරි කාලය සඳහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා යොදවා ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

views

1013 Views

Comments

arrow-up