හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සහ මන්ත්‍රී මිලාන් අත්අඩංගුවට

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය අසල පසුගිය 9 වනදා ඇති වූ සිදුවීම්වලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ද ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.
ඒ ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසල සාමකාමී අරගලයේ නිරතවු විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි.
අද පස්වරු 03 ට පමණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත යන හිටපු අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විසි දෙදෙනෙකු ප්‍රමාණවත් සාක්ෂි පවතී නම්, අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.
එසේම, ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසළ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මේ අතර, පසුගිය දා ඇති වූ කලහකාරි සිදුවීම් අතරතුර ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එම දිස්ත්‍රික්කයෙන් පස් වැනි ස්ථානයට මනාප ලබා ගත් ජගත් සමරවික්‍රම නම් කර තිබෙනවා.
එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ නිට්ටඹුව - නම්බාදළුව සහ ජුනයිඩ් මාවතේදීයි.
සිද්ධිය වන අවස්ථාවේදී සැකකරුවන් ඇද සිටි ඇඳුම් කට්ටල දෙකක් සහ පිහියක් නිලධාරින් විසින් සොයා ගෙන ඇති අතර, මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, දිවයින පුරා සිදු වූ කළහකාරී සහ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 258 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.
එසේම, ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ නියෝජිතයා ලෙස ජනාධිපති නිතීඥ ටිරන්ත වළලියද්ද පත් කර ඇති බව වාර්තා වුණා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කළේ ඔහු හෙට දිනයේ සිට කොමිසමේ විමර්ෂණ ආරම්භ කරන බවයි.
එම විමර්ෂණ ලබන 23 වැනි දා දක්වා දෛනිකව සිදු කරනු ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ගාලු මුවදොර විරෝධතාව අද 39 වැනි දිනටත් ක්‍රියාත්මක අතර, කලාකරුවන් පිරිසක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ අසල පිහිටි විරෝධතා භුමියේ සිට සිට ගාලුමුවදොර විරෝධතා භුමිය දක්වා පාගමනින් පැමිණියා.
තව ද ගාලුමුවදොර ප්‍රහාරයට අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පලාත් සබා මන්ත්‍රී අමල් සිල්වා සහ නගර සබා සේවකයා හෙට (18) දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.
549 Views
Comments