දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස්

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

 

ඒ ඔහුට ලබාදී තිබු ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

 

ඒ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

 

ඒ අනුව අදාළ නියෝගය නිකුත් කරමින් දුමින්ද සිල්වා යළි සිරභාරයට ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

 

යසන්ත කෝදාගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද කැඳවනු ලැබුවා.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කෙරුණේ 2010 වසරේ සැප්තැම්බර් මස 8 වැනිදායි.

 

පසුව දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඔහුව නිදහස් කරන ලෙසට නිර්දේශ කළ අතර ඉන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 ජුනි මාසයේ දී ජනාධිපති විශේෂ සමාවක් යටතේ ඔහුව නිදහස් කෙරුණා.

 

මේ අතර දුමින්ද සිල්වා මහතාට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කර එය අධිකරණයට භාරදෙන ලෙසද බලධාරීන්ට දැනුම් දී තිබුණා.

 

කෙසේ නමුත් දුමින්ද සිල්වා මේ මස මුලදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් රටින් පිටව ගොස් ඇති බවට පුවත් පළවූවා.

 

කෙසේ නමුත් ඔහු ආපසු පැමිණියේද නැද්ද යන්න පිළිබඳව තවමත් තහවුරු වී නොමැත.

views

1338 Views

Comments

arrow-up