ඥානසාර හිමිට එරෙහිව චෝදනා ගොනු කරන්න නීතිපති උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

ඥානසාර හිමිට එරෙහිව චෝදනා ගොනු කරන්න නීතිපති උපදෙස්

ඥානසාර හිමිට එරෙහිව චෝදනා ගොනු කරන්න නීතිපති උපදෙස්

ආගමික හැඟීම්වලට හානි වන ආකාරයේ වචන භාවිත කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව කොළඹ අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ මහේත්‍රාත් තිලිණ ගමගේට අද දැනුම් දුන්නා.

 

ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) පරිච්ඡේදය යටතේ චෝදනා ගොනු කරන ලෙසයි.

 

ඉකුත් 2014 අප්‍රේල් 12 වන දින ශුද්ධ වූ කුරාණය පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ මාධ්‍ය වෙත පළ කළ බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම විමර්ශනය අපරාධ නිවාරණ කොට්ඨාසය ආරම්භ කර තිබුණා.

 

තව ද මීට පෙර අදාළ ප්‍රකාශ වල උධෘත ද උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා.

 

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශිරාස් නූර්දීන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

 

ඒ අනුව, මෙම නඩුව නැවත ලබන නොවැම්බර් 14 වන දින දක්වා කල් දැමීමට මහේස්‌ත්‍රාත්වරයා නියම කළා.

views

720 Views

Comments

arrow-up