නිවසට පැමිණ ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
07

නිවසට පැමිණ ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා

නිවසට පැමිණ ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා

මුලතිව්, ආලම්පිල් ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ පිරිසක් ව්‍යාපාරිකයෙකුට පහරදී ඝාතනයකර ඇතැයි මුලතිව් පොලිසිය කියයි.

 

තියුණු ආයුධ සහ පොලු‍ රැගෙන පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකොට ඇති බවත් පහරදීමෙන් බරපතල තුවාල ලැබු ව්‍යාපාරිකයා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පැවසීය.

 

එලෙස මියගොස් තිබෙන්නේ මුලතිව්, චෙම්මනි පදිංචි එස්. සුදන් නැමති වයස අවුරුදු 38ක පුද්ගලයෙකි.

 

පුද්ගලික ආරවුලක් මත ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් උරණවූ පිරිසක් පැමිණ මෙම පහරදීම සිදුකොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.

 

පහරදීමට පැමිණි සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

705 Views

Comments

arrow-up