ජලාශයේ දිය නෑමට ගිය 17 හැවිරිදි සිසුවා අතුරුදන්

ගම්පොල, අටබාගේ, මැල්ල ජලාශය අසළ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇති බව පුස්සල්ලාව පොලිසිය කියයි.
මෙලෙස අතුරුදහන්ව තිබෙන්නේ ගම්පොල නව දේවිට ප්‍රදේශයේ පදිංචි කවීන් එරන්ද මාරසිංහ නැමැති සිසුවාය.
ඔහු මෙවර අපොස සාපෙළ විභාගයට පෙනී සිට විභාගය අවසන් වීමත් සමඟ ගම්පොල අටබාගෙ උඩගම ප්‍රදේශයේ පදිංචි තම පාසල් මිතුරාගේ නිවසට ගොස් ඇති මොහු පසුව දෙදෙනාම එක්ව අටබාගේ ඔයට දියනෑමට ගොස් තිබේ.
දිය නාමින් සිටි දෙදෙනාම ඔයේ පහළට ගසාගෙන ගොස් ඇති අතර උඩගම සිසුවා දිවි ගලවා ගෙන ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එදින රාත්‍රිය වන තුරු මොහු සෙවුවද හමු නොවූ නිසා අද(07) යළි සෙවීම ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුස්සල්ලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
662 Views
Comments