දෙදරු පියාගේ බෙල්ල කපා නිල්වලා ගඟට දමයි - බිරිඳට හා දියණියටත් බරපතලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

දෙදරු පියාගේ බෙල්ල කපා නිල්වලා ගඟට දමයි - බිරිඳට හා දියණියටත් බරපතලයි

දෙදරු පියාගේ බෙල්ල කපා නිල්වලා ගඟට දමයි - බිරිඳට හා දියණියටත් බරපතලයි

ගොඩපිටිය විහාරස්ථානයේ දේවාලයේ කපුවෙකු ලෙස සේවය කරන පුද්ගලයකුගේ ගෙල තියුණු ආයුධයකින් වෙන්වන ලෙස කපා ඝාතනය කර හිස නිල්වලා ගඟට දමා ඇතැයි අකුරැස්ස පොලිසිය පවසයි. 

 

මෙලෙස ඝාතනය කර තිබෙන්නේ අකුරැස්ස, තිබ්බොටුවාව, තලගස්ස රවුම් පාර කලු‍ගම හේන ස්ථානයේ පදිංචිව සිටි 72 හැවිරිදි වේලාතන්ත්‍රිගේ සුමනපාල නමැති දෙදරු පියෙකි.

 

ඊයේ(27) උදෑසන මෙම නිවසට පැමිණ ඇති සැකකරු මෙම පුද්ගලයාගේ ගෙල තියුණු ආයුධයකින් වෙන්වන සේ කපා ඝාතනය කර හිස රැගෙන ප්‍රදේශයෙන් පළාගොස් ඇත. 

 

හිස නිල්වලා ගඟට දමන්නට ඇතැයි අකුරැස්ස පොලිසිය සැක පළකරයි.

 

උදෑසන ඇතිවූ මෙම සිද්ධියේදී මරණකරුගේ බිරිඳ සහ එක් දියණියක් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. 

 

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි පොලිසිය පවසයි.

 

මරණයට පත් පුද්ගලයාගේ යාබද නිවසේ පදිංචි 29 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 

 

මරණයට පත් වූ පුද්ගලයා මෑතක් වනතෙක්ම ගොඩපිටිය විහාරස්ථානයේ දේවාලයේ කපුවෙකු ලෙස සේවය කර ඇත. 

 

රෝගාතුරව සිටි මරණකරුගේ එක් පාදයක් කපා ඇති බැවින් පසුගිය කාලයේ නිවසේ සිට ශාස්ත්‍රකීම කර ඇත. 

 

සැකකරු අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලිසිය විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

views

402 Views

Comments

arrow-up