කැලණිවැලි දුම්රිය ආසන වෙන් කිරීම දැන් නුගේගොඩ දුම්රිය ස්ථානයේදී

කැලණි වැලි දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම මෙතෙක් ක්‍රියාත්මක වූයේ මාකුඹුර දුම්රිය ස්ථානයෙන් පමණි. ඊයේ (14) දින සිට එම පහසුකම් නුගේගොඩ දුම්රිය ස්ථානයට ද ලබාදීම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.
මෙම ආසන වෙන්කරවා ගැනීමේ සේවාව ආරම්භ කරමින් එහි පළමු ප්‍රවේශපත්‍රය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මිලදී ගනු ලැබීය.
මෙම නව සේවාවේ විශේෂත්වය වන්නේ මෙරට ඕනෑම දුම්රිය මාර්ගයකට අදාල ආසන නුගේගොඩ දුම්රිය ස්ථානය මගින් වෙන් කරවා ගැනීමට හැකි වීමයි.
එසේම, කොළඹ කොටුව මරදාන වැනි ප්‍රධාන දුම්රිය ස්ථාන වල ඇති තදබදය මගහරවා ගැනීමට මෙමගින් හැකි වනු ඇත. "සීතාවක ඔඩෙසි" සංචාරක දුම්රිය එළඹෙන පෙබරවාරි 26 වැනිදා සිට ගමන් ඇරඹීමට නියමිත අතර ඒ සඳහා ප්‍රවේශ පත්‍ර ද නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් වෙන් කරවා ගැනීමේ පහසුකම හිමිවේ. ඊට අමතරව මාර්ගගත ක්‍රමයට ආසන වෙන්කරගැනීමේ පහසුව සලසා ඇත.
243 Views
Comments